sinhala wela katha|wala katha sinhala|kupadiya|wal katha sinhala|col3neg|lakvisiontv|wela katha|hiru gossip

sinhala wela katha wala katha sinhala kupadiya wal katha sinhala col3neg lakvisiontv wela katha hiru gossip

ආශාවක් නිසා 15

ශානි කාමරයෙන් ගිය​ විදියට මටත් ඉබේටම ඇඬූනා. මොනව උනත් ජීවිතයෙ ලොකු පරාජයක් ලැබූ හැඟීමක් මගේ සිතට ආවා. මගේ හිත රිදුම් කෑවා. කැම්පස් යන කාලෙ ඉඳන් හොඳ මිතුරන් ලෙස ආශ්‍රය කරල උසස් රැකියාවලට ගිහින් දෙමව්පියන්ගේ ආශීර්වාදය මැද විවාහ වුණු අපි දෙන්නා මොනතරම් ලස්සන පවුල් ජීවිතයක් ගතකරාද​..? ශානි මටත් මම ශානිටත් කොයිතරම් ආදරයෙන් ද අපි එකට ජීවත් වුණේ. අපේ ජීවිත අපි කොයිතරම් ලස්සනට සැලසුම් කරගෙන ඉදිරියට ආවද​..? අද ඒ සියල්ල සුන් වෙන තැනට ඇවිත්. මාස දෙක තුනක ඉඳලා අපි දෙන්නා අතරට ආපු ජෝන් නිසා අපේ කුරුළු කූඩුව විනාශ වුණා. ඒකත් වුණේ මගේ වැරැද්දෙන්මයි. මේ දේවල් හිතන අතරෙ මට ඉබේටම ඇඬුනා. ජානිගෙ අතින් අල්ලන් හිටපු මම ඇඳේ අනික් පැත්තට හැරිලා වකුටු වෙලා අඬන්න ගත්තා. වේදනාව වැඩි කමට මගේ හැඬුම නතර කරගන්න බැරි වුණා. ජානිටත් ඒක තේරුණා. ජානි බදාගෙන මගේ ඔලුව අතගෑවා. ”මොනව කරන්නද සුරාජ් දැන්. මට තේරෙනව ඔයාගෙ හිතේ තියෙන වේදනාව​. ශානි ගියෙත් පුදුම වේදනාවකින් අඬ අඬ​. අනේ මන්ද සුරාජ්, ඔයා මේ ගැන තව ටිකක් හිතන්න​. ඔයයි ශානියි දික්කසාද වෙනවට නම් මම කොහෙත්ම කැමති නෑ. මම ඒ වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්නම්. මම ඔය දෙන්නටම ආදරෙයි. මම ශානිගෙ හිත හොඳට දන්නව​. ශානිට ජෝන් එක්ක යන්නම ඕනි නම් ඒක අපිට නවත්තන්න බෑ. නමුත් මගේ හිත කියන්නෙම ශානි ජෝන් එක්ක ගිහින් අන්තිමට අමාරුවෙ වැටෙයි කියලමයි. කොහොමත් මම ශානිත් එක්ක කතාකරල මගේ හිතේ තියෙන අදහස ඒකිට කියනව​. බලමු ඊට පස්සෙ එයා මොන තීරණයක් ගනීද කියල​” කියල ජානි කිව්වා.

”අනේ මන්ද ජානි, එයාට යන්නම ඕනි නම් ගියදෙන්. අනික එයා දැන් ටිකකට කලින් පැහැදිලිවම කිව්වනෙ එයාට ජෝන් නැතුව බෑ කියල​. ඒ නිසා අපි ඕනවට වඩා එයාට බාල්දු වෙන්න ඕනි නෑ. එයා අමාරුවෙ වැටුනොත් ඒ එයා විහින්මනෙ. නමුත් ජෝන් එක්ක ගිහින් ශානි විනාශ වුණොත් එදා ඉඳල මටත් ජීවිතේ දක්වා විඳවන්න වෙනවා. ඒකයි මට බය​. ශානි ජෝන් එක්ක ගිහින් සතුටින් ඉන්නව නම් මට ඒ ඇති” කියල මම කිව්වා. ”දැන් අඬන එක නවත්තන්න පැටියො. අපි පොඩ්ඩක් එළියට යමු. මේ කාමරේ අස්සෙම ඉන්නකොට තවත් ඔයාගෙ ඔලුව අවුල් වෙනවා. ඒ නිසා අපි ඇඳුමක් දාගෙන යමු පහලට​” කියල ජානි කිව්වා. මමත් එවලෙ නැගිටලා බාත් රූම් එකට ගිහින් ඇඟ හෝදගෙන ඇවිත් ඇඳුමක් දාගත්තා. ජානිත් එවලෙ ලෑස්ති වුණා. මම කොයිකටත් කියල කාර් එකේ යතුරත් අරන් අපි දෙන්නම පහලට ආවා. ඒ ආවට අපි යන්නෙ කොහෙද කියල අරමුණක් තිබුණෙ නෑ. පස්සෙ අපි රිසෙප්‍ෂන් එකෙන් ඇහුවා මේ ළඟ යන්න හොඳ තැනක් තියෙනවද කියලා. එයාලා කිව්වා මේ ළඟ ලස්සන පන්සලක් තියෙනවා කියලා. ඒක ඇහිලා ජානි කිව්වා ”අනේ සුරාජ් අපි පන්සලට යමු” කියලා. පස්සෙ අපි පාරත් අහගෙන පන්සලට ආවා. එතකොට හවස 6:30ට විතර ඇති. අපි පන්සල හැම තැනම ඇවිද්දා. මළුව වටේ ඇවිදලා මල් පූජා කරා. එතනට ආවම මගේ හිත ටිකක් සැහැල්ලු වුණා. ජානි හුඟාක් වෙලා ගාථා කියලා බුදුන් වැන්දා. පස්සෙ ජානියි මායි පහලට ආවා. මම ඇහුවා ජානිගෙන් ”ඔයා ගථා ටික ඔක්කොම කිව්වද​” කියලා. ”නෑ සුරාජ්, මම බුදුන් වඳින ගමන් ප්‍රාර්ථනා කරේ ඔය දෙන්නව වෙන් නොකර කොහොමහරි මේ ප්‍රෂ්ණෙ විසඳෙන්න කියලා” කියල ජානි කිව්වා. මට එවලෙ ජානි ගැන පුදුම හිතුනා. පස්සෙ අපි දෙන්නා පන්සලේ කෙලවරකට ඇවිත් බෝධිය දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් අපි දෙන්නා එන්න ආවා. ඒ එන අතරමගදී මට ජෝන්ගෙන් කෝල් එකක් ආවා. මම ඒකට ආන්සර් කරනවද නැද්ද කියල හිතාගෙන ජානි දිහා බැලුවා. ජානි කිව්වා ”කමක් නෑ ඕකට ආන්සර් කරන්න” කියලා. පස්සෙ මම ආන්සර් කරා. ජෝන් කිව්වා ”ප්ලීස් සුරාජ් තරහ ගන්නෙ නැතුව අහන්න​, මට ඔයත් එක්ක කතා කරන්න ඕනි” කියලා. මට එවලෙ ටිකක් තරහ ගියා. මම ඇහුවා ”තව මොනවද අපිට කතාකරන්න ඉතුරු වෙලා තියෙන්නෙ..? ශානියි මමයි ඩිවෝස් වෙන්න තීරණය කරා. ඇයි එයා ඔයාට කිව්වෙ නැද්ද​..? දැන් ඔයාට තියෙන්නෙ ශානිවත් අරන් එංගලන්තෙට යන්නනෙ. අපි කොළඹ ආව ගමන් මම ශානිට ඩිවෝස් එක දෙන්නම්. ඊට පස්සෙ ඔය දෙන්න ඕන මගුලක් කරගන්න​” කියලා.

”ඕකනෙ සුරාජ් ඔයාට කියන්නෙ. ඔයාට හොඳටම කේන්ති යනවනෙ. මට ලොකු වැදගත් දෙයක් ඔයාට කියන්න තියෙනව​. මට ඒක ෆෝන් එකෙන් කියන්න බෑ. ඔයා දැන් කොහෙද ඉන්නෙ..? අද රෑට අපිට මීට් (meet) පුළුවන් ද” කියල ජෝන් මගෙන් ඇහුවා. මම කිව්වා ”හ්ම් බලමු” කියලා මම ෆෝන් එක කට් කලා. පස්සෙ මම විස්තරේ ජානිට කිව්වා. එවලෙ ජානි කිව්වා ”සුරාජ් ඔයා කලබල වෙනව වැඩී. ජෝන් කියන්නෙ මොනවද කියල ඔයා කලබල නොවී අහගන්නකො. මොකද ශානි තාම ඔයාගෙ කසාද බිරිඳ​. ශානි ඉන්නෙත් ජෝන් ළඟ​. ජෝන්ට කේන්ති ගිහින් ශානිට මොකක් හරි කරදරයක්වත් කලොත්, ඒ නිසා අපි මේ වෙලාවෙ සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනි” කියලා. මම මුකුත් නොකියාම හොටෙල් එකට ආවා. අපි කාර් එක පාර්ක් කරලා හොටෙල් එකේ ලොබි එකට ඇවිත් එතනින් වාඩි වුණා. ජානි කිව්වා ”දැන් ඔයා ජෝන්ට කෝල් එකක් අරන් කියන්න අපි පහල ඉන්නෙ කියලා, එතකොට එයා එයිනෙ” කියලා. පස්සෙ මම ජෝන්ට කෝල් එකක් අරන් කිව්වා අපි ලොබි එකේ ඉන්නෙ කියලා. ජෝන් කිව්වා ”හරි අපිත් දැන් එන්නම්” කියලා. විනාඩි 10කට විතර පස්සෙ ජෝනුයි ශානියි පහලට ආවා. ඇවිත් අපි ළඟින් වාඩි වුණා. මම එවලෙ කා දිහාවත් නොබලා අහක බලාගෙන හිටියා. පස්සෙ ජෝන් කිව්වා ”සුරාජ් අපි ස්විමිං පූල් එක පැත්තට ගිහින් ටිකක් කතා කරමු, මේ දෙන්නට මෙතන ඉන්න ඇරලා” කියලා. අපි ජානිටයි ශානිටයි කූල් ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරලා පූල් එක පැත්තට ආවා. ඇවිත් පූල් බාර් එක ළඟ තිබුණ ටේබල් එකකින් වාඩි වුනාම ජෝන් අපිට බියර් දෙකක් ඕඩර් කලා. එවලෙ මම ඇහුවා ”දැන් මොනවද ඔයාට කියන්න තියෙන්නෙ” කියලා. පස්සෙ ජෝන් කිව්වා ”සුරාජ් පොඩ්ඩක් කලබල නොවී අහන්න​. දැන් මෙතන ලොකු ප්‍රෂ්ණයක් තියෙනවා. ඔයා ශානිව ඩිවෝස් කරාට මට ශානිව නීත්‍යානුකූලව මැරි කරන්න බෑ. මට ඉන්ග්ලන්ඩ් වල ෆැමිලි එකක් ඉන්නවා. නමුත් මම ඒ බව ශානිට මේ වෙනකන් කිව්වෙ නෑ එයා අප්සෙට් වෙයි කියල හිතලා. අනික මට ශානිව ඔයා නැතුව එංගලන්තෙට එක්ක යන්න බෑ. මොකද මට එයාව තනියම එහෙ තියාගන්න බෑ. මම ශානිට තියෙන ආදරේ හින්දා මම මෙච්චර කල් මගේ ඉංග්ලන්ඩ් වල ඉන්න ෆැමිලි එක ගැන එයාට කිව්වෙ නෑ. ඒ එයාගෙ හිත රිදෙයි කියල හිතලා. මම පිලිගන්නව මම ඒක හංගපු එක ලොකු වැරැද්දක් කියල​. නමුත් අද හවස් වෙනකම්ම මම හිතාගෙන හිටියේ ඔයයි ශානිවයි දෙන්නවම ඉංග්ලන්ඩ් එක්කගෙන යන්න​. නමුත් ඔයා ඒ තීරණයට එකපාරටම අකමැති උන නිසා දැන් මමත් ඉන්නෙ ලොකු ප්‍රෂ්ණෙක​. ශානි ඔයාටයි මටයි දෙන්නටම ආදරෙයි. අපි දෙන්නත් ශානිට කොච්චර ආදරෙයිද​. එහෙම එකේ මේ වෙලාවෙ ඔයා ටිකක් කල්පනා කරලා ඔයා ගත්ත තීරණය වෙනස් කලා නම් නේද හොඳ​” කියල ජෝන් කිව්වා.

ඒක අහලා මගේ ඇඟේ මවිල් කෙලින් වුණා. ”ජෝන්, ඔයා මෙච්චර කල් ශානිට ඔය ගැන කිව්වෙ නැත්තෙ එයාට තියෙන අවංක ආදරේ හින්දද නැත්තම් ශානිව ශේප් කරගෙන ඔයාගෙ වැඩේ කරගන්නද​..? ජෝන් ඔයා කොයිවගෙ කෙනෙක්ද කියල මට ටික කාලයක් යනකොට තේරිලයි තිබුණෙ. ඒත් මම ශානිගෙ සතුට වෙනුවෙන් ඒ දේවල් ඉවසලා හිටියා. ඔයා ශානිට හොරෙන් මට එකක් කියල මට හොරෙන් ශානිට එකක් කියල ඔයා ගානට වැඩේ කරගෙන ගියා. ඒ ඔයාගෙ කපටි කම​. මම මුලින් ඔයා ගැන සැක කරේ නෑ. ඔයා ශානිව ගානට අල්ලගෙන එයාගෙන් කරගන්න ඕනි වැඩ ටික ගත්තා. ඇත්තටම මට දැන් ශානිගෙන් වැඩක් නෑ. මට දැන් ජානිගෙ ආදරය උණුසුම ලැබෙනවා. ශානිත් ඔයාට රැවටිලා ඔයා වෙනුවෙන් හැම කැපකිරීමක්ම කලා. මම ඒ හැමදේම ඉවසලා හිටියා. ඔයාට මම කලිනුත් කිව්වා. මම ගත්ත තීරණය දශමෙකින්වත් වෙනස් කරන්නෙ නෑ. ඔයා තව සති දෙකක් විතර ලංකාවෙ ඉන්නවනෙ. ඒ නිසා ඔයාම ශානිත් එක්ක කතා කරලා ඔය ප්‍රෂ්ණෙ විසඳගන්න​. මීට පස්සෙ ඔයා මාත් එක්ක ඔයාගෙයි ශානිගෙයි දේවල් කතා කරන්න එන්න එපා. මම දැන් ශානිගෙ ජීවිතෙන් අයින් වෙලා ඉන්නෙ. තව මට එක දෙයයි ශානි වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ එයාට මගේ කැමැත්තෙන්ම ඩිවෝස් එක දෙන එක​” එහෙම කියල මම එතනින් නැගිටලා ආවා. මම ලොබි එකට ඇවිත් ජානිගෙ අතින් අල්ලලා එයාව මගේ ළඟට ගන්න ගමන් මම ශානිට කිව්වා ”අන්න ජෝන් ඔයා එනකම් බලාගෙන ඉන්නවා, ඔයාට බොහෝම වැදගත් ආරංචියක් කියන්න තියෙනවලු. ඒ නිසා ඉක්මනට යන්න​” කියලා. එවලෙ ශානිට මුකුත් හිතාගන්න බැරුව​ මගේ දිහා පුදුම වෙලා බැලුවා. මම ජානිවත් අතින් ඇදගෙන රූම් එකට ආවා.

අපි රූම් එකට ආපු ගමන් මම ජානිට සම්පූර්ණ විස්තරේ කිව්වා. ජානි එවලෙ පුදුම වෙලා ඔලුවට අත ගහගත්තා. ”අනේ දෙවියනේ ශානි ඕක දැනගත්තට පස්සෙ මොනව කරයිද​..? ජෝන් කපටියෙක් කියල මට කලින්ම තේරිලා තිබුණෙ. ඔය දෙන්නට ඒක තේරුණේ නැතු උනාට​. ඒක නෙමෙයි සුරාජ්, මායි ශානියි ලොබි එකේ ඉන්න වෙලාවෙ ශානි කිව්වා ”අනේ ජානි, අද හවස ඉඳන් ජෝන් ඉන්නෙ ලොකු කල්පනාවක​. මම ඒ ගැන ඇහුවත් මුකුත් කිව්වෙ නෑ. එයා සුරාජ්ට සෑහෙන්න දොස් කිව්වා එයා එංගලන්තෙ යන්න බෑ කිව්ව නිසා. එවලෙ මම ජෝන්ට කිව්වා දුකෙන් වුණත් අපි දෙන්නා ඩිවෝස් වෙන්න තීරණය කලා කියලා. නමුත් එයා ඒකට එච්චර කැමති නැති බවයි මට තේරුණෙ. මට ජෝන්ව තේරුම්ගන්න බෑ ජානි. එයා මගෙන් මොකක් හරි හංගනව වගේ මට තේරෙනව” කියල ශානි කිව්වා කියල” ජානි මට කිව්වා. ”අනේ සුරාජ් අපි දැන් මේකට මොකද කරන්නෙ..? අපි ශානිට කියමුද නැත්තන් ඒ දෙන්නම ඒ ප්‍රෂ්ණෙ විසඳ ගනීද​” කියල ජානි මගෙන් ඇහුවා. ”අපි ඕකට මැදිහත් වෙන්න ඕනි නෑ, ඒක ඒ දෙන්නම බලාගත්තදෙන්” කියල මම කිව්වා. එහෙම කිව්වට මගේ යටිහිතේ ශානි ගැන ලොකු දුකක් ඇති වුණා. මම ඒක ජානිට කියන්න ගියේ නෑ.

එවලෙ එකපාරටම මට ජෝන්ගෙන් කෝල් එකක් ආවා. මම ෆෝන් එක ආන්සර් කලාම ජෝන් කිව්වා ”සුරාජ්, ඉක්මනට එන්න​. ශානිට මාත් එක්ක කේන්ති ගිහින් මුහුද පැත්තට දිව්වා” කියලා. එවලෙම මායි ජානියි දෙන්නම පහලට දුවගෙන ඇවිත් ස්විමිං පූල් එක ළඟට එනකොට අපි දැක්කා ජෝන් මුහුද පැත්තට දුවනවා. අපිත් එයා පස්සෙන්ම දුවගෙන ගියා. එවලෙ රෑ වුණත් හඳ එළියට අපි දැක්කා ශානි වෙරළ දිගේ අඬ අඬ යනවා. මම ජෝන්ට කලින් දුවලා ශානි ළඟට ළං වුණා. අඩි සද්දෙට ශානි හැරිලා බැලුවා. ශානි මාව දැක්ක ගමන් ”අනේ සුරාජ් මාව නවත්තන්න එපා, මට මැරෙන්න ඕනී…” කියාගෙන ඉස්සරහට දිව්වා. මම හයියෙන් දුවලා ශානිව අල්ලගත්තා. ඒ එක්කම ජෝනුයි ජානියි දෙන්නත් එතනට ආවා. එවලෙම ජානි ශානිව බදාගත්තා. ”අනේ කෙල්ලෙ මොනවද ඔයා මේ කරන පිස්සු වැඩ​, මහ රෑ කොහෙද මේ දුවන්නෙ, ඇයි මේ අඬන්නෙ” කියල ජානි ඇහුවා. එවලෙ ජෝන් බිම​ බලාගෙන හිටියා. එකපාරටම ශානි ඇවිත් මාව බදාගත්තා. ”අනේ මගේ රත්තරන් සුරාජ්, මට සමාවෙන්න​. මම ඔයාට දුන්නු දුක් ගින්දර වලට​. මම මහා පව්කාරියක්, මට මැරෙන්න ඕනි” කියලා ශානි කෑගහලා ඇඬුවා. මම ශානිව තදින්ම බදාගෙන එයාගෙ ඔලුව ඉම්බා. ටික වෙලාවකින් එහෙට මෙහෙට දඟලපු ශානි මගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ජෝන් ශානිට දාපු මගුල් මුද්ද ගලවලා අරන් අපි ඔක්කොටම පේන්න මුහුදට විසිකරා.

ජෝන් එවලෙ සැරෙන් වගේ කිව්වා ”මොකද්ද ඔයා ඒ කලේ” කියලා. ”මම කරන්නෙ මට ඕන දේ, මට ආයි තමුසෙගෙ මූනවත් බලන්න ඕනි නෑ, තමුසෙ මහා බොරුකාරයෙක්, චපල මිනිහෙක්. සුද්දො කියන්නෙ පද්දන්ටත් වඩා මහා පහත් ජාතියක්” කියල කේන්තියෙන් ශානි කියාගෙන ගියා. එවලෙ ජෝන් කේන්තියෙන් ශානි දිහා බැලුවත් මුකුත් කිව්වෙ නෑ. ඒ එක්කම අපේ සද්දෙ ඇහිලා හොටෙල් එකේ සිකියුරිටිලා දෙන්නෙක් එතනට ඇවිත් ”මොකක් හරි ප්‍රෂ්ණතක් ද සර්” කියල මගෙන් ඇහුවා. ”නෑ මුකුත් නෑ, දැන් හරි” කියල මම ඒ දෙන්නට කිව්වා. ”මොකක් හරි ප්‍රෂ්ණයක් තියෙනව නම් කියන්න, අපි තමයි අද නයිට් ශිෆ්ට් එකේ ඉන්නෙ” කියල ඒ දෙන්නා කිව්වා. ”මම හා හොඳයි, අවශ්‍ය වුණොත් කතාකරනම්” කියල මම කිව්වා. පස්සෙ ජානියි මායි ශානිව මැදි කරගෙන එන්න ආවා. ජෝන් එවලෙ මුකුත් නොකියා එතන්ට වෙලා අපි යන දිහා බලාගෙන හිටියා. සිකියුරිටිලා දෙන්නා අපි පිටිපස්සෙන් ආවා.

මායි ජානියි ශානිවත් අරන් අපේ රූම් එකට ආවා. රූම් එක ඇතුලට ආපු ගමන් ශානි ඇඳට පැනලා කොට්ටයක් බදාගෙන අඬන්න ගත්තා. ජානි ශානි ළඟින් ඇඳේ වාඩි වෙලා ශානිගෙ ඔලුව අතගෑවා. ඒ අතරෙ ජානි ඇස්වල කඳුළු පුරෝගෙන දුකින් වගේ මං දිහා බැලුවා. මමත් දුකින් වගේ එයා දිහා බලාගෙන හිටියා. එවලෙ කව්ද රූම් එකේ දොරට තට්ටු කලා. දොර ඇරල බලද්දි ජෝන්. ජෝන් එළියෙ ඉඳන්ම කාමරේ ඇතුලට එබිලා බැලුවා. එයා දැක්කා ශානි අඬනවා. මම එවලෙ ජෝන්ට කිව්වා ”ජෝන්, ඔයා කරුණාකරලා මෙතනින් යන්න​. ශානි ඔයාට කියන්න ඕනි ටික කිව්වනෙ. මොනවද තවත් බලාගෙන ඉන්නෙ” කියලා. ”මට ශානිගෙන් සමාව ගන්න ඕනි, මට ඒකට පොඩ්ඩක් ඉඩ දෙන්න” කියලා ජෝන් මට කිව්වා.

The post ආශාවක් නිසා 15 appeared first on Fetish Lanka – ෆෙටිෂ් ලංකා.

sinhala wela
sinhala wela 2018 wal katha aluthMesothelioma Law Firm Donate Car to Charity California Donate Car for Tax Credit Asbestos Lawyers Structures Annuity Settlement Car Insurance Quotes Colorado Annuity Quote Auto Mobile Shipping Quote Health Records, Personal Health Record Online Stock Trading Forex Trading Platform Best Criminal Lawyers in Arizona Car Insurance Quotes Utah Life Insurance Co Lincoln Holland Michigan College Online Motor Insurance Quotes Online Colleges Paperport Promotional Code Online Classes World Trade Center Footage Massage School Dallas Texas Psychic for Free Donate Old Cars to Charity Low Credit Line Credit Cards Dallas Mesothelioma Attorneys Car Insurance Quotes MN Donate your Car for Money Cheap Auto Insurance in VA Met Auto Donate Cars in MA sinhal;a wela wal katha hukana katha lingika gatalu wanacharaya kupadiya Donate Your Car Sacramento How to Donate A Car in California Sell Annuity Payment Donate Your Car for Kids Forensics Online Course Home Phone Internet Bundle Donating Used Cars to Charity PHD on Counseling Education Neuson Car Insurance Quotes PA Royalty Free Images Stock Car Insurance in South Dakota Email Bulk Service Webex Costs Cheap Car Insurance for Ladies Cheap Car Insurance in Virginia Register Free Domains Better Conference Calls Futuristic Architecture Mortgage Adviser Car Donate Virtual Data Rooms Online College Course Automobile Accident Attorney Auto Accident Attorney Car Accident Lawyers Data Recovery Raid Criminal lawyer Miami Motor Insurance Quotes Personal Injury Lawyers Car Insurance Quotes Settlements Nunavut Culture Dayton Freight Lines Hard drive Data Recovery Services Donate a Car in Maryland Motor Replacements Cheap Domain Registration Hosting Donating a Car in Maryland Donate Cars Illinois Criminal Defense Attorneys Florida Asbestos Lung Cancer Injury Lawyers Personal Injury Law Firm Online Criminal Justice Degree Car Insurance Companies Dedicated Hosting, Dedicated Server Hosting Insurance Companies Business VOIP Solutions Auto Mobile Insurance
error: Content is protected !!